Back

ⓘ කාළගුණය - 2015 ඉන්දියාවේ තාප තරංග කාලගුණය, 1955, ජූනි 20 සූර්ය ග්‍රහණය, තායිපේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, දේශගුණික වෙනස්වීම් හා කෘෂිකර්මය, ශ්‍රි ලංකාවේ ජාතික කොඩිය ..



                                               

2015 ඉන්දියාවේ තාප තරංග කාලගුණය

2015 මැයි මස දී, ඉන්දියාව විශාල තාප තරංග කාලගුණයකට හසුවිය, මැයි 29 වන විට එයින් 2.000 කට වඩා මියගොස් ඇත. මෙම කාලගුණ තත්වය ඇති වූයේ ඉන්දියාවේ ගිම්හාන සමයේ දී ය, එය සාමාන්‍යයෙන් මාර්තු සිට ජූලි දක්වා කාලය තුළ පවතී. එසේ නමුත් උණුසුම ඔක්තෝබරය දක්වා ද පවතී, බොහෝ විට මෝසම් සුළං මගින් උණුසුම වළක්වාලයි. අධික උෂ්ණ කාළගුණයට වැඩි වශයෙන් ගොදුරු වූ දකුණු දිග ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඊට අසල්වැසි ප්‍රාන්තය වූ තෙළඟනා ප්‍රාන්තයන්හී, පිළිවෙලින් පුද්ගලයෝ 1.490 හා 489 කට වැඩි ප්‍රමාණයක් මැයි 29 වන විට මිය ගොස් තිබුණු අතර නැගෙනහිර ප්‍රාන්තයන් වූ බටහිර බෙංගාලය හා ඔඩිෂා යන ප්‍රාන්ත වලද මෙම උෂ්ණ කාළගුණය හේතුවෙන් මරණ ව ...

                                               

1955, ජූනි 20 සූර්ය ග්‍රහණය

පූර්ණ සූර්ය ග්‍රහණයක් 1955, ජූනි 20 දින ඇති විය. සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කරන විට එමගින්, පෘථිවියට සූර්යයා දර්ශනය වීම පූර්ණ ලෙසින් හෝ අර්ධ ලෙසින් හෝ වැලැක්වීම නිසාවෙනි. පූර්ණ සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, චන්ද්‍රයාගේ දෘශ්‍ය විෂ්කම්භය සූර්යයාට වඩා විශාල වූ විට, සියළු සෘජු සූර්යාලෝකය වලක්වමින්, දහවල් කාලය අඳුරු කිරීමෙනි. පෘථිවියෙහි පෘෂ්ඨය වටා පටු පෙතක පූර්ණත්වය ඇතිවන අතර, කිලෝමීටර දහස්ගණනක් පළල කලාපයක් තුල අර්ධ සූර්ය ග්‍රහණය දර්ශනය වෙයි. උපරිම කාල සීමාව විනාඩි 7 තත්පර 8 ක් වීමෙන්, මෙය 136 ශ්‍රේණියෙහි විශාලතම සූර්ය ග්‍රහණය වෙයි.

                                               

තායිපේ

තායිපේ, නිල වශයෙන් තායිපේ නගරය ලෙස හඳුන්වනු ලබන අතර, තායිවානයේ අගනුවර හා විශේෂ මහ නගර සභාවක් වේ. තායිවානයේ උතුරු කෙළවරෙහි පිහිටා ඇත. වර්ෂ 2009 වන විට 2.693.672ක ජනගණයක් වාර්ථා වී ඇති අතර නව තායිපේ හා කීලන්ග් වැනි ආසන්න නගර වල ජනගහණයද ඇතුළත්ව 6.900.273 පිරිසක් එහි ජීවත් වේ. එය ලෝකයේ 40 වැනි වැඩිම ජනාකීර්ණ නාගරික ප්‍රදේශය වේ. තායිපේ යනු තායිවානයේ ඇති දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, හා සංස්කෘතික මධ්‍යස්ථානයක් වන අතර, චීන භාෂාව කතා කරන ලෝකයේ ප්‍රධාන කේන්ද්රස්ථාන අතරින් එකකි. තායිපේ නගරය ගෝලීය නගරයක් ලෙස සලකන අතර, ප්‍රධාන අධි-තාක්ෂණික කාර්මික ප්‍රදේශයකි. දුම්රිය මාර්ග, අධිවේගී දුම්රිය, මහාමාර්ග, ගුව ...

                                               

ශ්‍රී ලංකාවේ ආර්ථිකය

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික අංශ වන්නේ සංචාරක කර්මාන්තය, තේ අපනයනය, ඇගලුම් කර්මන්තය, වී නිශ්පාදනය, සහ අනෙකුත් කෘෂි නිශ්පාදනයි. ඉහත සඳහන් අංශ වලට අමතරව විදේශ රැකිය නියුක්තිකයන් මගින් විදේශ විනිමය සදහා ඉහල දායකත්වයක් ලැබෙයි. එහිදී ප්‍රධාන වශයෙන් මැද පෙරදිග රටවල රැකියා නියුක්තිකයන් සදහන් කල හැක. 1948 පෙබරවරි 04 වන දිනබ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව උදාවූ කාලවකවානු වල ඇතිවූ සුනාමි ව්‍යසනය වැනි ස්වාභාවික ආපදා, විටින් විරට අභ්‍යන්තරයෙ අතිවූ කැරළි කෝළාහල සහ 1989 සිට 2009 වනතුරු පැවති යුධමය තත්වය හේතුවෙන් ශ්‍රි ලංකාවේ ආර්ථිකයට විශල බලපැමක් සිදුවුනි. නිවැරදි ආර්ථික සැලස්මක් හෝ ජාතික ප්‍ර ...

                                               

දේශගුණික වෙනස්වීම් හා කෘෂිකර්මය

දේශගුණික වෙනස්වීම් සහ කෘෂිකර්මය යනු අන්තර් සම්බන්ධ ක්‍රියාවලීන් වන අතර මේ දෙකම ගෝලීය පරිමාණයකින් සිදුවෙයි. ගෝලීය උණුසුම් වීම මඟින් උෂ්ණත්වය වර්ෂාපතනය හා ග්ලැසියර් දියවීම ඇතුළුව කෘෂිකර්මයට බලපාන තත්ව මත සැලකිය යුතු බලපෑම් ඇති කරයි. මෙම තත්ව මනුෂ්‍ය ජනගහනය හා ගෘහස්ථ සතුන් සඳහා අවශ්‍ය තරම් ආහාර නිෂ්පාදන සඳහා ජෛව ගෝලයේ ගෙන යාමේ ධාරිතාව ද තීරණය කරයි. වැඩිවන කාබන් ඩයොක්සයිඩ් මට්ටම් වාසිදායක හා අවාසිදායක ලෙස වගා ඵලදා මත බලපෑම් ඇති කරයි. කෘෂිකර්මය මත දේශගුණය වෙනස්වීමේ මුළු බලපෑම මෙම බලපෑම්වල තුලනය මත රඳා පවතී. දේශගුණය මත ගෝලීය දේශගුණ වෙනස්වීම්වල බලපෑම් ඇගයීම් තුළින් කෘෂිකාර්මික නිෂ්පාදනය උපරිම කර ...

                                               

ශ්‍රි ලංකාවේ ජාතික කොඩිය

මාතර දිසාව - කුරු අලියා කොඩිය ඌව පළාත - හංස කොඩිය වෙල්ලස්ස - ව්‍යාඝ්‍ර කොඩිය සත් කෝරළය - විවිධ සිංහ කොඩිය තුන්කෝරලය - භේරුන්ඩ පක්ෂියා වලපනේ දිසාව - මයුර කොඩිය තමන්කඩුව දිසාව - සිංහ කොඩිය හතර කෝරළය - ඉර හද කොඩිය සීතාවක - හස්ති කොඩිය සෙංකඩගල - සැවුල් කොඩිය රයිගම් කෝරළය - මුවා සහිත කොඩිය

                                               

ටයිටැනික් (නෞකාව)

පරිවර්තනය-ඕෂධ නිපුණ වීරක්කොඩිි RMS ටයිටැනික් යනු එක්සත් රාජධානියෙහි සවුත්හැම්ප්ටන් සිට එක්සත් ජනපදයෙහි නිව්යෝර්ක් නගරය දක්වා ඇයගේ මංගල චාරිකාවෙහිදී උතුරු අත්ලාන්තික් සාගරයෙහිදී අයිස් පරයක් හා ගැටීම නිසා 1912 අප්‍රේල් 15 දිනදී ගිලී ගිය මගී නෞකාවකි. ටයිටැනික් ගිලීයාම නිසා පුද්ගල මරණ 1.514 සිදුවූ අතර ඉතිහාසය පුරාවටම සාමය පැවැති කාලයන්හිදී සිදුවී ඇති සාමුද්‍රීය ව්‍යසන අතුරින් වී ඇති මහත් මාරාන්තික ඒවා අතුරින් එකක් විය. ඇයගේ මංගල චාරිකාව සිදුවන විටදී දියත්ව තිබූ විශාලතම නෞකව වීමට ඕ සමත්ව සිටියාය. වයිට් ස්ටාර් ලයින් විසින් යාත්‍රාකිරීමෙහි යොදවා තිබූ ඔලිම්පික් ශ්‍රේණියේ සාගර නෞකා තුන අතුරින් එකක් ...

                                               

ශ්‍රී ලංකාවට බලපෑ නිවර්තන වාසුළි

වාසුළි කුණාටු අතුරින් ඉතාමත්ම බලවත් සහ විනාශකාරී කාළගුණ පද්ධතියක් ලෙස නිවර්තන වාසුළි දැක්විය හැකියි. මේවා අත්ලාන්තික් සාගර ප්‍රදේශයේ දී හරිකේන් ලෙසද, ශාන්තිකර හා ඉන්දියානු සාගර කලාපයේ දී ටයිපූන් ලෙසද හඳුන්වයි. දූපත් සහ වෙරළාශ්‍රිත ප්‍රදේශ වලට මෙම නිවර්තන වාසුළි තත්වය දැඩි ලෙසම බලපාන කාළගුණික තත්වයකි. ඒ අනුව වෘත්තාකාර වායු සංසරණයක් පවතින අඩු පීඩන මණ්ඩල වාසුළි වශයෙන් හැඳින්වේ. උප නිවර්තන අධිපීඩන කලාප දෙක ඇතුළත පිහිටි ප්‍රදේශයේ මෙවැනි අඩු පීඩන මණ්ඩල එනම්, වාසුළි හඳුනාගත හැකි අතර ඒවා නිවර්තන කලාපීය වාසුළි වශයෙන් හැඳින්වෙන අතර මෙවැනි අඩු පීඩන සෞම්‍ය කලාපයෙන්ද හඳුනාගත හැකි වේ. එම අඩු වායු පීඩන ස ...

                                               

වියළි ඍතුව

වියළි කලාපවල දේශගුණය විස්තර කිරීමේ දී යොදාගන්නා පොදු වචනය වන්නේ වියළි කාලයයි. වියළි කලාපවල දේශගුණය වියළි කලාපීය වැසි තීරය මඟින් බලපත්වනු ලැබේ. එය අවුරුද්ද පුරාම උතුරේ සිට දකුණට බලපායි. වියළි කලාපීය දක්ෂිණ වැසි තීරය වැටී ඇත්තේ දල වශයෙන් ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාලය තුළය. මේ කාලය තුළ උතුරු වියළි කලාප වියළි කාලයක් අත්දකී. එහි ජලය උරා ගැනීම ඉතා විරලය. නියම වශයෙන් දවස පුරා අධික රස්නයෙන් හා හිරු එලියෙන් යුක්ත වේ. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා වැසි තීරුව බලපවත්වන්නේඋතුරු අර්‍ධගෝලයේ ය. එම කාලය තුළ දකුණු අර්‍ධගෝලය ඔවුන්ගේ වියළි කලාපය අත්දකී. වියළි කාලයේදී ස්වභාව ධර්මයේ දැකිය හැකි ලක්ෂණ නම්, අඩු ...

                                               

සර්ජි බ්‍රින්

ඇමරිකානු පරිගණක විද්‍යාඥයෙකු මෙන්ම අන්තර්ජාල ව්‍යවසායකයෙකුද වන සර්ජි මිකලොවිච් බ්‍රින්, 1973 අගෝස්තු මස 21 වන දින රුසියාවේ දී උපත ලැබුවෙකි. ලොව ප්‍රමුඛතම හා වඩාත්ම ලාභ ලබන අන්තර්ජාල ආයතනය වන ගූගල් ආයතනය මොහු සහ ලැරී පේජ් විසින් ස්ථාපිත කරන ලද්දකි. 2012 වර්ෂය වන විට මොහුගේ ඇස්තමේන්තුගත පෞද්ගලික වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 20.3කි. මේ අතර මොහු සහ ලැරී පේජ් ගූගල් ආයතනයේ 16%ක කොටස් ප්‍රමාණයකට වර්තමානයේ හිමිකම් කියනු ලබයි. වයස අවුරුදු 6ක් වන විට සර්ජි බ්‍රින් සෝවියට් සංගමයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සිය දෙමාපියන් සමඟ ස්ථීර පදිංචිය සඳහා පැමිණ එහිදී වැඩිදුර අධ්‍යාපනය හදාරනු ලැබීය. සිය ...

                                               

සෙම්ප්‍රතිශ්‍යාව

සෙම්ප්‍රතිශ්‍යාව හෙවත් හෙම්බිරිස්සාව යනු වයිරස මගින් බෝවන ඉහළ ශ්වසන කාර්ෂයේ රෝගයක් වන අතර ප්‍රධාන වශයෙන් නාසයට බලපාන්නක් වේ. කැස්ස, උගුරේ අමාරුව,සොටු දියර ගැලීම, කිවිසුම් යාම, සහ දින 7 ත් 10 ත් අතර පවතින උණ ප්‍රධාන වශයෙන් පවතින්නාවූ රෝග ලක්ෂණ වේ. සමහර ලක්ෂණ සති 3 ක් පමණ පැවතීමට ඉඩ ඇත. වර්ග 200 කට අධික වයිරස ගණනාවක් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වන අතර ඒ අතුරින් බහුලවම rhinovirus දැකිය හැක. මෙම රෝගය නාසා ග්‍රසනිකතාව, ඝ්‍රාණ රුහිතය, උග්‍ර ස්‍රැතිය, හිසරදය අදී නම් වලින්ද හඳුන්වනු ලැබේ.

                                               

කොඩිගහකන්ද

කොඩිගහකන්ද ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතට අයත් ප්‍රදේශයකි. එරට වානිජ අගනගරය වන කොළඹ නගරයට කිලෝමීටර30 ක් පමණ ආසන්නව පිහිටා ඇති කොඩිගහකන්ද පරිසර පද්ධතිය ස්වභාවික සුන්දරත්වය, ඡෛව විවිධත්වය සහ ‍ඓතිහාසික වටිනාකමද කැටිවු අතිශය සුන්දර පරිසර පද්ධතියකි. කොඩිගහකන්ද පරිසර පද්ධතිය තුළ අපට පෙනෙන්නට ඇති දේ මෙන්ම සැඟවි ඇති දේ බොහෝය. තවද මෙහි වඳවීමේ තර්ඡනයට ලක්ව ඇති ශාක වර්ග මෙන්ම සත්ව වර්ගද රාශියක් ඇත. ඒ අතර ශ්‍රී ලංකාවට ආවේනික වු ශාක හා සත්ව වර්ගද වෙයි. සාපේක්ෂව කුඩා පැළෑටි ‍හා කුඩා තෘණ වර්ග බහුල ප්‍රදේශ තිබීම හා ස්වාභාවික දිය පාරවල් මගින් මෙහි සුන්දරත්වය ඔප් නංවා ඇත. ශ්‍රී ලංකාව ප්‍රමාණාත්මකව කුඩා වූද සාග ...

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →